අද දෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට වටින මෘදුකාංගයක්. කස්ටමර් රොම් එකක් ගහලා තමන්ට ඔන ඇප් ඉන්ස්ටොල් කරන්න ගියාම කොහොමද තියෙන ආතල් එක එකින් එකට ටච් කරලා කරලා ස‍ංසාරේ එපා වෙනවා. නැත්ද මං අහන්නේ.? අපි ඉතින් එක රොම් එකක් තියන් ඉන්නේ නැති නිසා ප්‍රශ්නේ තවත් වැඩියි අපට. හෙහෙ මටත් ඔහොම උන නිසා තම හොයද්දි මෙක හම්බ උනේ. සමහරු නම් දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක දාන්නම් මෙ පොස්ට් එක මෙහෙම. මුලින් කියන්න ඔන මෙක හදලා තියෙන්නේ නම් xda-developers ලාගේ ෆොර්ම් එකේ hamsteyr කියන යාලුවා. මෙකෙදි ඇප් ෆෝන් එකට කොපි කර කර ඉන්න ඔනේ නැ. කරන්න තියෙන්නේ ෆෝන් එකේ USB DEBUGGING ඔන් කරලා ඩේටා කේබල් එක ගහලා මෙ මෘදුකංගය ඔපන් කරලා APK ෆයිල් තියෙන ෆොල්ඩර් එක තොරලා දෙන එක විතරයි. ඉට පස්සේ මෙකෙන් එ ෆොල්ඩර් එකෙ තියෙන APK ෆයිල් ටික ස්කැන් කරලා ලිස්ට් එකකින් පෙන්නනවා. එතනින් අපිට ඉන්ස්ටෝල් කරන්න ඔන ඇප් ටික මාර්ක් කරන් ගිහින් නෙක්ස්ට් දිලා ඉන්ස්ටෝල් වෙනකල් බලා ඉන්නයි තියෙන්නේ. හෙන සිම්පල් පැලැන් එකක්.

එ විතරක් නෙවෙයි. මෙ මෘදුකාංගයෙන්
01.ෆෝන් එකෙ තියෙන ඇප් ඔක්කොම තමන්ගේ PC එකට බැකප් කර ගන්න.
02.ෆෝන් එකේ ඇප් වල ඩෙටා ෆයිල් බැකප් කරන්නත් රිස්ටෝ කරන්නත් පුලුවන්.
03.PC එකෙ තියෙන ඇප් ගොඩක් එකපාර Rename කරන්න.
04.ෆෝන් එකෙ තියෙන SMS  බැකප් කරන්නත් රිස්ටෝ කරන්නත් පුලුවන්. (මෙක නම් තවම අත්හදා බැලිම් මට්ටමේ තියෙන නිසා සමහරක් ෆෝන් වලට වැඩ නොකරන්නත් ඉඩ තියෙනවා.)

පොස්ට් එක හොදයි නම් කොමෙන්ටුවකුත් දාලම යන්න. ප්‍රශ්න තියේ නම් එවත් කොමෙන්ට් කරන්න.

~ Size:01 MB ~
~ File Type: ZIP ~


0 comments:

Post a Comment


 
Soft Stores © 2013. All Rights Reserved. Powered by Blogger
Top